රජයේ නිලධාරීන් අවු. 02ක් තිස්සේ නිදි…! ටොන් 2000ක චීන කෙසෙල් ඇනවුම යවල නෑ…! දැවැන්ත චීන පළතුරු වෙළෙඳපොළ ම අහිමි කරගනී…!

November 15, 2021 at 7:06 am | by emanisa.lk

මසකට කෙසෙල් මෙට්‍රික් ටොන් 2000ක් චීනයට සැපයීම ලැඉට ලැබුණු ඉතා ම වටිනා අපනයන වෙළෙඳපොළක් කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා ලංකාවට අහිමිව ගොස් තිබේ.

දෙරට අතර ඇති කරගත් ගිවිසුම අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කළ යුතුව තිබුණේ, කෙසෙල් ගොවීන් 150කගේ ජීව දත්ත චීන රජයට සැපයීම සහ කෙසෙල් ඇසුරුම්කරණ මධ්‍යස්ථානයක් පිහිටුවීම පමණි.

සතියකට කෙසෙල් මෙට්‍රික් ටොන් 500 බැගින් මසකට කෙසෙල් මෙට්‍රික් ටොන් 2000ක් චීනයේ ඕනෑම වරායක් වෙත ගොඩබෑමට අවස්ථාව ලබා දී තිබිණි. 2015 වසරේ අත්සන් කළ මෙම ගිවිසුමට අදාළ කටයුතු සම්පාදනය කරන ලෙස එවක චීන තානාපතිවරයා වසර දෙකක් තිස්සේ ඉල්ලා සිටිය ද ගොවීන් 150කගේ ලිපිනය, වගා කරන කෙසෙල් වර්ගය, ලබා දිය හැකි කෙසෙල් ප්‍රමාණය ඇතුළත් ජීව දත්ත ලබා දීමට හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අසමත්ව තිබේ.

මෙම ගිවිසුම ක්‍රියාත්මක වූයේ නම් ඊළඟ පියවර ලෙස ලංකාවේ සියලු ම කෙසෙල් සහ පළතුරු වගාකරුවන්ට චීන වෙළෙඳපොළ විවෘත කිරීමට චීනය සූදානමින් සිටි බව කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු අතිරේඛ ලේකම්, ආචාර්ය සුබා හීන්කෙන්ද පවසයි.

කෙසේ වුව ද මේ වන විට අදාළ වෙළෙඳපොළ අවස්ථාව ආසියාවේ වෙනත් රටවල් විසින් ලබා ගෙන ඇති නිසා එම වෙළෙඳපොළ නැවත ලංකාවට ලබා ගැනීමේ ඉඩක් නොමැති බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස