යුද හමුදාව විසින් පසුගිය සමයේ යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල අඩුආදායම්ලාභී පවුල් සඳහා නව නිවාස 890ක් ඉදිකර තිබෙන බව වාර්තා වේ.
මෙම කටයුතු සිදුකර ඇත්තේ යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතාගේ මගපෙන්වීම යටතේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසිනි.
මේ ආකාරයට තමන්ට ස්ථීර නිවාස ඉදිකරදීම පිළිබඳ උතුරේ ජනතාව යුද හමුදාවට හා රජයට සිය ස්තූතිය පළ කර සිටිති.