රංජන් රාමනායක සිය නීතීඥවරයා මාර්ගයෙන් ලිඛිතව ජනාධිපති සමාව ඉල්ලා යොමු කළ ලිපිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත භාර දී තිබේ.
කෙසේ වුව ද විපක්ෂ නායකවරයා එම ලිපිය මෙතෙක් ජනාධිපතිවරයාට යොමු කර නැතැයි වාර්තා වෙයි.
මේ අතර රංජන් රාමනායක තමා රඳවා ඇති අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ දී සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇතැයි වාර්තා වෙයි.
සරත් ෆොන්සේකා, එස්.බී. දිසානායක සිරගත වුව ද මානසිකව බිඳ නොවැටුණු බව සිහිපත් කරන රංජන්ගේ හිත මිතුරු මන්ත්‍රීවරුන් වේදිකාවල කෙතරම් වීරයෙකු ලෙස රඟපෑව ද මේ වන විට දැඩි ලෙස මානසිකව පිරිහී ඇතැයි සාකච්ඡා කර තිබේ.