එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තනතුරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරාළ මහත්මිය පත්කිරීමට නියමිත බව එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (01) පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගැනීමට නියමිත බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
ඒ අනුව, තලතා අතුකෝරාළ මහත්මිය එජාපයේ මහලේකම් ධූරයට පත්වන පළමු කාන්තාව වෙයි.
එහි දී ඉදිරි මහ මැතිවරණයට පක්ෂය මුහුණ දෙන ආකාරය සාකච්ඡා කිරීමටත්, පක්ෂයේ තනතුරු කිහිපයක් පත්කිරීමටත් සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.