හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාරගේ දියණිය සහ තරුණ සේවා සභාවේ හිටපු සභාපති එරන්ද වැලිඅංගේ ගේ බිරිඳ වන එරන්ති රංගෙබණ්ඩාර වස වර්ගයක් පානය කර තිබේ.
සිය සැමියා තමන්ට ඉතාම පහත් ආකාරයෙන් සලකන බව පවසමින් වීඩියෝවක් ද නිකුත් කරමින් එරන්ති යම් පෙති වර්ගයක් පානය කරන අතර සිය ජීවිතය නැති වුවහොත් වගකිව යුත්තේ එරන්ද ඇතුළු කිහිප දෙනෙකු බව ද සඳහන් කළාය.
එරන්ද දේශපාලනයට ගෙන ආවේ ද තරුණ සේවා සභාවේ සභාපති ධුරයට පත් කළේ ද මහරගම එජාප සංවිධායක කළේ ද එජාප නායක රනිල් වික්‍රමසිංහ විසිනි.
මැතිවරණ වේදිකාවක පාඨලී චම්පක රණවක ප්‍රකාශ කළේ වැලිඅංගේ අනිවාර්යෙන් පාර්ලිමේන්තුවට පත්කළ යුතු බවත් ඔහු පිළිබඳ තමා වගකියන බවත්ය.
මෙවර මැතිවරණයේ දී පාලිත රංගෙබණ්ඩාර එජාපයෙන් ද එරන්ද වැලිඅංගේ සමගි ජන බලවේගය ඔස්සේ ද තරඟ කළ අතර දෙදෙනාම පරාජයට පත්විය.
https://www.youtube.com/watch?v=AcPvI2sWyRo