යෝගට් සමග ලබා දෙන ලී හැඳි විශාල ප්‍රමාණයක් මේ වන විට ඉන්දියාවෙන් ආනයනය කරන බව වාර්තා වෙයි.
ඒ මෙරට අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් තරම් ලී හැඳී මෙරට නිෂ්පාදනය නොකරන හෙයින් බව මිල්කෝ ආයතනයේ සභාපති හේමජීව ගෝඨාභය ප්‍රකාශ කරයි.
මෙයට පෙර යෝගට් සමග කාඩ්බෝඩ් හැඳි ලබා දුන්න ද එය ඉක්මනින් දියවීම ඇතුළු පැමිණිලි නිසා මෙලෙස ලී හැඳී ලබා දීමට කටයුතු කරමින් තිබේ.