යුද්ධය විසඳුමක් නෙමෙයි…! – හිටපු ජනපති මහින්ද…

October 16, 2023 at 5:52 pm | by emanisa.lk

පලස්තීන ඊශ්‍රායල් අර්බුදය සඳහා යුද්ධය විසඳුමක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

අද (16) කොළඹ පිහිටි පලස්තීන තානාපති කාර්යාලයට ගොස් තානාපතිවරයා හමු වී හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

යුද්ධය විසඳුමක් නොවන අතර ත්‍රස්තවාදය සඳහා කිසිදු ඉඩක් නොදිය යුතු බව ද ඔහු අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව මුහුණ දුන් යුදමය තත්ත්වය සිහිපත් කළ හිටපු ජනාධිපතිවරයා පලස්තීන-ඊශ්‍රායල් දෙරටේ ම සිවිල් ජනතාවගේ යහපත උදෙසා ඉක්මන් සාමයක අවශ්‍යතාව අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *