පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි අසත්‍ය චෝදනා නඟමින් ආරක්ෂක හමුදා ප්‍රධානීන් සහ හමුදාව අතර ගැටුමක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර චෝදනා කරයි.
හමුදාව වාහන අවභාවිත කරන බවට ද හමුදාපතිවරයා සුපිරි නිවසක් ගොඩනඟන බවට ද ආරක්ෂක රථ පෙළකින් ගමන් බිමන් යන බවට ද චන්දිම වීරක්කොඩි ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික ආරක්ෂක කාරක සභාවේ දී හමුදාවට චෝදනා කළ ද හමුදාව එම චෝදනා ප්‍රතික්ෂේප කළ බවයි, සරත් වීරසේකර සඳහන් කළේ.
පසුගිය යුද සමයේ ඇඳන් යට සැඟව සිටි චන්දිම වීරක්කොඩිලා හමුදාවට නින්දා අපහාස කිරීම හෙළා දකින බවත් මේ වන විට හමුදාවට ලැබී තිබූ ඇතැම් පහසුකම් කප්පාදු කර ඇති බවත් හෙතෙම කීය.
රටට ආදරය කරන සුජාත පුද්ගලයින් මෙවැනි කටයුතු නොකරන බවත් එවැනි කටයුතු කරන්නේ කුහක තිරිසන් පුද්ගලයින් බවත් ඔහු වැඩි දුරටත් කීය.
සිය කාරක සභාවෙන් චන්දිම වීරක්කොඩි ඉවත් කිරීමට දැනටමත් යෝජනා කර ඇති බවත් ඔහුගේ හැසිරීම නිසා හමුදා ප්‍රධානීන්ට යම් සිත් තැවුලක් වූයේ නම් කනගාටුව ප්‍රකාශ කරන බවත් සරත් වීරසේකර වැඩි දුරටත් ප්‍රකාශ කළේ අද (07) පාර්ලිමේන්තුව අමතමිනි.