යුක්‍රේන සංචාරකයින් නිරෝධායන නීති කඩල….! පොළොන්නරු සංචාරය අවලංගුයි….!

January 4, 2021 at 12:31 pm | by emanisa.lk

යුක්‍රේන සංචාරකයින්ගේ සීගිරි හා පොළොන්නරු සංචාර අවලංගු කර තිබෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

මධ්‍යම සංස්කෘතික අරමුදල පැවසුවේ පෙරේදා දිනයේ දී යාල වනෝද්‍යානයේ සංචාරයේ දී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය නොකළ බවට නැගුණ චෝදනා හේතුවෙන් සංචාරක අමාත්‍යාංශය විසින් මෙම සංචාරය අවලංගු කර ඇති බවයි.

මෙ රටට පැමිණි යුක්‍රේන සංචාරකයින් පිරිස අද (04) හා හෙට (05) පොළොන්නරුව සහ සීගිරිය ආශ්‍රිත ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව තිබිණි.

ඒ හේතුවෙන් අද දහවල් 1.00 සිට පොළොන්නරුවේ පරක්‍රම මාළිගා සංකීර්ණය, දළදා මළුව, ශිව දේවාලය (අංක 02) සහ ආලාහන පිරිවෙන සංකීර්ණයට අයත් රන්කොත් වෙහෙර, ලංකාතිලක වෙහෙර, කිරි වෙහර, ගල් විහාරය, තිවංක පිලිම ගෙය, නෙ‌‌ළුම් පොකුණ යන සංචාරක ස්ථාන ද හෙට (05) දහවල් 12.00 දක්වා සීගිරිය ද දේශීය සංචාරකයින්ට විවෘත නොකෙරෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල මීට පෙර දැනුම් දී තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *