යුක්තිය මෙහෙයුම කුඩු තෝරු මෝරු දඩයමේ…! ශිරාන් බාසික්ගේ සුපිරි හෝටලය ඩොසර් කරයි..!

January 1, 2024 at 3:00 pm | by emanisa.lk

දෙහිවල වෙරළ තීරයේ අනවසරයෙන් ඉදිකර ඇති දැනට ඩුබායි රටට පලාගොස් සිටින මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික්ට අයත් සුපිරි හෝටල් පරිශ්‍රයක් අද (01) දහවල් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පෝලිසියේ ආරක්ෂාව මැද කඩා ඉවත් කිරීම ආරම්භ කළේය.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් අනුව ක්‍රියාත්මක “යුක්තිය මෙහෙයුම ” වැඩ සටහනට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයන මුදල් යොදවා විවිධ ව්‍යාපාර සිදුකරන බවට අනාවරණය කර ගැනීමෙන් පසු දෙහිවල වෙරළ තීරයේ ඉදිකර ඇති සුපිරි පන්නයේ හෝටල් පරිශ්‍රය නිරීක්ෂණයට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයාන් මාරපන ඇතුළු පොලිස් නිලධාරීන් ඉකුත් (20) වන දින ස්ථානීය පරීක්ෂණය සිදුකර එය 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ පනතට අනුව අනවසර ඉදිකිරීමක් බව හඳුනාගනු ලැබීය.

ඒ අනුව ක්‍රියාත්මක වූ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පොලීසියේ හා කැරලි මර්දන ඒකකයේ නිලධාරීන්ගේද ආරක්ෂාව යටතේ බැකෝ යන්ත්‍ර යොදාගන කඩා ඉවත් කිරීම සිදු කරනු ලැබිණි. ඊට බාධා කළ එම හෝටලයේ සේවය කළ අයකු අත්අඩංගුවට පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *