තිස්සමහරාම යාල ජාතික උද්‍යානයට යාබද වන සංරක්ෂණ ප්‍රේරක කලාපයක් වන ගල්ආර ප්‍රදේශයේ වනාන්තරය හෙළිපෙහෙළි කරමින් මහා වන සංහාරයක් සිදුකර ඇත.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත ලුණුගම්වෙහෙර වන සංරක්ෂණ නිලධාරීන් සමග ඊයේ (18) එම ස්ථානයට ගොස් තිබේ.
එහි දී කොහොඹ, බුරුත, පලු, වීර වැනි වටිනා දැව ශාක දෙසීයකට වැනි ප්‍රමාණයක් මුලින් කපා මහා වන සංහාරයක් සිදුකර ඇති අයුරු දැක ගැනීමට හැකි විය.
ඝන වනාන්තරයක් සහිත අක්කර දෙකක පමණ ප්‍රදේශයක් දින දෙකකට පෙර මෙලෙස විනාශ කර තිබූ අතර වන සංරක්ෂණ ප්‍රදේශයට අයත් තවත් අක්කර සියයකට ආසන්න ප්‍රමාණයක් මේ වන විටත් සම්පූර්ණයෙන්ම එළිපෙහෙළි කර ඇත.
ඉන් සමහරක් අඩි පහළොවක් පමණ උස විදුලි වැටවල් යොදා වන අලින්ගෙන් වෙන් කර ඇති ඉවත් වාර්තා වෙයි.