යාපනේ තිස්ස විහාර පිංකමට බුද්ධ ශාසන ඇමති බෑ කියයි…. හමුදාවත් යළි කැඳවයි… දනට වැඩී මහ සඟරුවන කඩෙන් වළඳති…!

March 24, 2025 at 5:24 pm | by emanisa.lk

යාපනය තිස්ස විහාරයේ විහාර මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන ලෙස ආරාධනා කළ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි එම ආරාධනය ප්‍රතික්ෂේප කොට ඇති බව බලංගොඩ කස්සප හිමි පවසයි.

එපමණක් නොව එම අවස්ථාවට වැඩමවා වදාළ මහා සංඝ රත්නයට දානය පිළිගැන්වීමට සහ සංවිධාන කටයුතු සඳහා කැඳවා තිබූ හමුදා කණ්ඩායම් ද වහාම කඳවුරු වෙත කැඳවා තිබේ. මේ නිසා දහවල් දානය සඳහා එම භික්ෂූන් වහන්සේලා කඩවලට ගොස් තිබේ.

මෙය මහා සංඝ රත්නය ප්‍රමුඛ සමස්ත බෞද්ධ ජනතාවට කළ මහා අපහාසයක් බවට ද කස්සප හිමි චෝදනා කරයි.

එම අවස්ථාවේ අධිකරණ නියෝග ද නොතකා බෙදුම්වාදී කණ්ඩායම් විහාරස්ථානය ඉදිරියේ විරෝධතා සිදුකළ බවත් බුදු දහම සුරක්ෂිත කොට පෝෂණය කිරීමට බැඳී සිටින ආණ්ඩුව උතුරේ බෞද්ධ සිද්ධස්ථාන අනතුරේ හෙළමින් ජනතාව රැවටීමට දළදා ප්‍රදර්ශන සිදුකරන බව ද එහිමියන් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *