හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහභාගී වන උත්සවයක් ආවරණය කිරීමට කරන ලද ආරාධනය අනුව එහි ගිය මාධ්‍යවේදීන්ට කිහිප දෙනෙකුට එම අවස්ථාව ආවරණය කිරීමට ඉඩ නොදී ඇගේ ආරක්ෂක නිලධාරීන් බැණ වැදී තර්ජනය කර අදාළ ස්ථානයෙන් ඉවත් කර තිබේ.
එය ජනාධිපතිනියගේ උපදෙස් මත සිදු කළ බව අදාළ ආරක්ෂක නිලධාරියා පවසයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ මාධ්‍යවේදියා නිට්ටඹුව පොලිසියේ පැමිණිල්ලක් ද ගොනු කර ඇත. මෙයට පෙර ද හිටපු ජනාධිපතිනිය මාධ්‍යවේදීන් සමග ගැටුමක් ඇති කර ගත්තේය.