යහපාලන පළිගැනීමට ලක් වූ උපාලි ගුණසේකරට යුක්තිය ඉටුවෙයි…! වසර දෙකකට නැවතත් රාජකීයේ විදුහල්පති ධුරය….!

February 9, 2021 at 1:08 pm | by emanisa.lk

කොළඹ රාජකීය විද්‍යාලයේ විශ්‍රාමික විදුහල්පති උපාලි ගුණසේකර වසර දෙකක කාලයක් නැවත සේවයේ පිහිටුවන ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ.

2003 ඔක්තෝබර් 31 වැනිදා සිට 2016 ජනවාරි 14 වැනිදා දක්වා කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ධුරය දැරූ උපාලි ගුණසේකර, දේශපාලන හේතු මත වයස අවුරුදු 55න් විශ්‍රාම යෑම හේතුවෙන් ඔහුගේ අහිමි වූ සේවා කාලය සැලකිල්ලට ගෙන අවම වශයෙන් වසර 2ක කාලයක් කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයේ පිහිටුවන ලෙස ජනාධිපති කොමිෂන් සභාව මෙලෙස නිර්දේශ කර තිබේ.

ඉකුත් යහපාලන රජය සමයේ දී තමන්ට සිදු වූ දේශපාලන පළිගැනීම් පිළිබඳ සඳහන් කරමින් හිටපු අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් වගඋත්තරකරුවකු ලෙස නම් කරමින් 856/2020 දරන පැමිණිලි අංකය යටතේ උපාලි ගුණ​සේකර දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

උපාලි ගුණසේකර විසින් කරන ලද පැමිණිල්ල සලකා බලා එය විමර්ශනය කිරීමෙන් අනතුරුව ජනාධිපති කොමිසම අදාළ නිර්​දේශයන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *