යහපාලන නඩුවෙන් ගම්මන්පිල නිදොස් කොට නිදහස් කරයි…!

March 24, 2025 at 7:08 pm | by emanisa.lk

ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කොට ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරික සිඩ්නි ජයසිංහ එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝක කරයි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු නාමල් බණ්ඩාර බළල්ලේ මහතා විසින් අද (24) එම තීන්දුව ලබා දුන්නේය.

විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන හෙයින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

1996 සැප්තැම්බර් 26 සහ 1997 සැප්තැම්බර් මස 25 වනදා අතර කාලසීමාව තුළ ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් ඩිජිටල් නොමිනීස් පුද්ගලික සමාගම නමින් මිලදී ගෙන තිබූ පෞද්ගලික බැංකුවකට අයත් කොටස් මිලියන 21ක් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කොට විකිණීම තුළින් රුපියල් මිලියන 21ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරික සිඩ්නි ජයසිංහට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.

මෙම නඩුවේ විත්තිකාර උදය ගම්මන්පිල වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර විත්තිකාර සිඩ්නි ජයසිංහ වෙනුවෙන් ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යොහාන් අබේවික්‍රම පෙනී සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *