යහපාලනේට එක ධීවර වරායක් හදන්න බැරි වුණා! අවුරුද්දෙන් ඒක කළ මහින්දට ස්තුතියි! – සමගි බලේ වෙදආරච්චි ආණ්ඩුව පසසයි…

December 7, 2020 at 11:41 pm | by emanisa.lk

දකුණු පළාතේ ධීවර වරාය තුනක් තැනීම සඳහා යහපාලන ආණ්ඩුව සමයේ තමා කෙතරම් උත්සාහ ගත්ත ද එය අසාර්ථක වූ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි පවසයි.

ගන්දර රැකව ඇතුළු ධීවර වරාය තුනක් තැනීම සඳහා වර්තමාන ආණ්ඩුව ප්‍රතිපාදන වෙන්කර එම කටයුතු ආරම්භ කිරීම පිළිබඳ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.

“මම මතක් කරන්න ඕන යහපාලන ආණ්ඩුව කාලේ 2016 අවුරුද්දේ මේ වරායවල් තුනට මැණුම් කටයුතු කරන්න තුන් වතාවක් හතර වතාවක් මම අදාළ නිලධාරීන් ගෙන්නලා ධීවරයන් සමග සාකච්ඡා කරලා වැඩකටයුතු කළා.

මට බොහොම ලැජ්ජයි කියන්න අපේ යහපාලන ආණ්ඩුවේ මංගල සමරවීර මුදල් ඇමතිතුමා ඒ සඳහා මුදල් වෙන් කළේ නෑ. අපේ ආණ්ඩුවේ ධීවර කැබිනට් ඇමතිවරුන් 3 දෙනෙක් හිටියා. ඒගොල්ලෝ මේවා කරන්න උනන්දුවක් වුණේ නෑ. මුදල් පස්සේ දුවන්න තමයි ඒගොල්ලන්ට ඕන වුණේ. අවුරුදු 3ක් තිස්සේ අපිට වරායවල් තුනක් හදාගන්න බැරි වුණා.

නමුත් මම බොහොම සතු‍ටු වෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආණ්ඩුවෙන් මුදල් ලබා දීලා ධීවර ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට කිරීමට හැකියාව ලැබීම ගැන. මම සතු‍ටු වෙනවා වගේ ම මහින්ද රාජපක්ෂ මැතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස