යහපාලන රජය සමයේ ගුරු වැටුප් විෂමතාව ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ද ගෙන ඉතිරි වී තිබුණේ ගෙවීම් කටයුතු කරන්නට පමණක් බව හිටපු අධ්‍යාපන අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් පවසයි.
යහපාලන ආණ්ඩුව එලෙස ගුරු වැටුප් ඉහළ නැංවීමට කටයුතු කළේ රුපියල් 10, 000කින් වැටුප වැඩි කර තිබූ පසුබිමක යැයි ද ඔහු සඳහන් කරයි.
ජනාධිපතිවරණය, ව්‍යවස්ථා කුමන්ත්‍රණය ආදිය නිසා අදාළ ගෙවීම් කටයුතු කරන්නට හැකි වුණේ නැති බව කී හිටපු ඇමැතිවරයා මෙම ගුරු ප්රශ්නය වසර විසි හතරක් තිස්සේ පවතින බවත් 1994 වසරේ සිට මේ රටේ හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරුන් බවත් පෙන්වා දුන්නේය.
පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී හිටපු අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මේ බව කීය.