යහපාලන ආණ්ඩුව සමයේ ජනතාව හොඳට කා බී සිටි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
එකල ජනතාව වේල් තුන ම කමින් හොඳට බඩ පුරව ගෙන සිටි බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.
මේ වන විට ජනතාව යන්තම් එක වේලක් කමින් ජීවිත ගැට ගසා ගන්නා බව පෙන්වා දෙන ලක්ෂ්මන් කිරිඇල්ල මෙය ඉතා ම අවාසනාවන්ත තත්ත්වයක් බව අවධාරණය කරයි.
විපක්ෂ නායක කාර්යාලේය අද (12) පැවැති මාධ්‍ය හමුවක දී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ය.