මෛත්‍රී ගුණරත්නගේ පුතාට පොලිස් ප්‍රහාරයක්…!

February 26, 2021 at 11:18 am | by emanisa.lk

පෑලියගොඩ පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් 10කු විසින් නීති විද්‍යාලයේ අවසන් වසරේ සිසුවකු වන මිගාර ගුණරත්නට පහර දීමක් සිදුකර ඇත.

පෑලියගොඩ පොලිස් ස්ථානයේ දී සහ පොලිස් වාහනයක් තුළ දී එසේ බරපතළ ලෙස පහරදී තුවාල සිදු කර තිබේ.

සිය ජ්‍යෙෂ්ඨ නීතිඥයාගේ සේවාදායකයෙකු වෙත කෑම පාර්සලයක් රැගෙන ගිය අවස්ථාවේ දී පෑලියගොඩ පොලීසියේ ලින්ටන් සිල්වා සහ තවත් පොලිස් නිලධාරින් 10 දෙනෙකු විසින් පොළු සහ අතින් පයින් මෙම පහරදීම සිදු කර ඇත.

මොහු හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්නගේ පුතෙකු බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *