මෛත්‍රී ඉන්දියාවටත් එපා වෙයි.. සාකච්ඡා ඉල්ලීම කුණු බක්කියට දමයි…!

April 7, 2024 at 9:52 am | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා මුණගැසීමට වේලාවක් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීම ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.

සිය පාලන කාලයේ සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරයට ඉන්දීය සබඳතාවක් ඇතැයි හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක අංශවලට ප්‍රකාශ කරන ලද බව පසුගියදා මාධ්‍ය ගණනාවක් වාර්තා කර තිබිණි.

ඉන් අනතුරුව කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා මුණගැසීමට වේලාවක් ලබා දෙන ලෙස හිටපු ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් කර තිබිණි. කෙසේ වෙතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති වග විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *