ලංකාවේ වත්මන් සංචාරක ව්‍යාපාරය ධනය උපයන සංචාරක ව්‍යාපාරයක් නොවන බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට සංචාරකයන් සැලකිය යුතු පිරිසක් ලංකාවට පැමිණිය ද ඒ අඩු වියදම් සංචාරකයන් බවයි.
ඔවුන් රටින් පිටව යන්නේ ජනතාවට ලබා දී ඇති ඉන්ධන ඇතුළු සහන භුක්ති විඳ රටට බරක් ලෙස බවයි, දිලිත් ජයවීර ප්‍රකාශ කරන්නේ.
මෙම ගැටලුව විසඳා ගැනීමට වියදම් කිරීමේ හැකියාව ඉහළ සංචාරකයන්ගේ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව සන්නාමගත කළ යුතු බව ද ඔහු අවධාරණය කරයි.
හික්කඩුව නගරයේ පැවැති සර්වජන බලය පළාත් පාලන මැතිවරණ ප්රචාරක ජනහමවුකට එකතු වෙමින් දිලිත් ජයවීර මේ බව කීය.