මේ රටේ එක නීතියක් තිබ්බා නම් සභාපති භික්ෂුව ඉන්න ඕන හිරේ…!

November 2, 2021 at 5:47 am | by emanisa.lk

එක රටක් එක නීතියක් ජනාධිපති කාර්යසාධක බලකායෙහි දෙමළ ජනතාවට හෝ 52%ක් වන මේ රටේ කාන්තාවන්ට හෝ නියෝජනයක් නොමැති බව අලුත් පියාපත් සංවිධානය පවසයි.

කෙසේ වුව ද මෙම බලකායට දෙමළ ජාතිකයකු ඇතුළත් වුව ද එය පිහිටුවන පටු අරමුණ වෙනස් නොවන බව ද එම සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජිකා ව්‍රායි කැලී බල්තසාර් පෙන්වා දෙයි.

අධිකරණයට අපහාස කර සිරදඬුවම් ලබා ජනාධිපති සමාව ලද ප්‍රචණ්ඩ භික්ෂුවක් මෙහි සභාපතිත්වය දරන බවත් ඇය සඳහන් කරයි.

සැබවින් ම මේ රටේ එක නීතියක් ක්‍රියාත්මක වූයේ නම් එහි සභාපතිවරයා සිටිය යුත්තේ බන්ධනාගාරයේ බව ද බල්තසාර් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස