මේ පාලකයින්ට ඡන්දේ දීලා මගෙන් ගෙවල් ඉල්ලන්න එපා..! – කාදිනල්තුමා…

November 4, 2022 at 12:02 pm | by emanisa.lk

රටේ ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් සංවේදී නොවන දේශපාලකයින්ට ඡන්දය ලබා නොදෙන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා පවසයි.

ජනතා ප්‍රශ්න විසඳිය නොහැකි දේශපාලනඥයින් ගෙදර යා යුතු බවත් පියතුමා අවධාරණය කළේය.

නිවාස නැති පවුල් සිටිය දී නාගරික සංවර්ධන අමාත්‍යාංශය ඩොලර් සෙවීම සඳහා අධි සුඛොපභෝගී නිවාස ඒකක තුනක් හදලා විදේශිකයින්ට විකුණා ඇතැයි කී කාදිනල්තුමා, එම අමාත්‍යංශය තියෙන්නේ විදේශිකයින්ගේ ඕනෑ-එපාකම් පිරිමහන්නදැයි තමන් ප්‍රශ්න කරන බව ද සඳහන් කළේය.

එවන් අයට ඡන්දය දී නිවාස ඉදිකර දෙන්නැයි තමන්ගෙන් ඉල්ලීම් කරන්නට එපා යැයි ද කාදිනල්තුමෝ කීහ.

අගරදගුරුතුමා මේ බව පැවසුවේ මීගමුවේ පැවැති වැඩසටහනකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *