තැපැල් ඡන්දයට පෙර දින රනිල් වික්‍රමසිංහ ස්වාධීන රූපවාහිනියෙන් ජාතිය අමතන්නට අනුර දිසානායකට අවස්ථාව ලබා දෙන බව සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.
එක්සත් ජාතික පක්ෂ නායකයෙකුට පවා මෙම අවස්ථාව නොලැබුණු බවත් රනිල් තැපැල් ඡන්ද වැඩි කර ගැනීමට අවස්ථාව ලබා දුන්නේ අනුරට පමණක් බවත් හෙතෙම පෙන්වා දෙයි.
2015 රනිල් වික්‍රමසිංහ ගෙන ඒමට උත්සාහ කළ ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව මෙවර තමන් ගෙන එන බව අනුර දිසානායක සිය ප්‍රතිපත්ති ප්රකාශනයේ 230 වන පිටුවේ ප්‍රකාශ කොට ඇති බව ද විමල් වීරවංශ සඳහන් කරයි.
හලාවත පැවති සර්වජන බලය ජනහමුවක් අමතමින් විමල් වීරවංශ මේ බව කීය.