මේ ටයි මාරු කරන් ආව රනිල්ගේ ආණ්ඩුවයි… මහ බැංකු අධිපති යැව්වොත් ආණ්ඩුවම ගෙදර…! – ජගත් කුමාර…

October 15, 2024 at 10:27 am | by emanisa.lk

අලුත් ආණ්ඩුවක් පත් වුව ද හිටපු අමාත්‍යංශ ලේකම්වරුම අලුත් ටයි ඇඳගෙන සුපුරුදු ලෙස වැඩ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අලුත් ආණ්ඩුවේ කිසිදු අලුත් දෙයක් නොමැති අතර හිටපු මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඉවත් කළේ නම් ආණ්ඩුව මේ වන විටත් ගෙදර යන තත්ත්වයට පත්ව අවසන් බවයි.

රට සංවර්ධනය කරනු ඇතැයි ජනතාවට සහන ලබා දෙනු ඇතැයි ආණ්ඩුවට ඡන්දය ලබා දුන් ජනතාවට විශාල බලාපොරොත්තු තිබුණ ද ඒ කිසිවක් ඉටුව නැති බව ද ජගත් කුමාර පෙන්වා දෙයි.
කෙසේ වුව ද ජනතාවට සහන දෙන වැඩපිළිවෙළක් මේ ආණ්ඩුවට ද නොමැති බව දැන් තහවුරු වී ඇති බව හෙතෙම වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *