මේ ආණ්ඩුව තියෙන කල් රට ගොඩගන්න බෑ….! – මෛත්‍රී…

June 11, 2022 at 7:18 pm | by emanisa.lk

වත්මන් ආණ්ඩුව බලයේ සිටින තුරු රට ගොඩ ගැනීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

“අපි දැන් මාස තුනක ඉඳන් කියනවා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න, 15 විතර ඇමති මණ්ඩලයක් එක්ක සුළු කාලයකට, මැතිවරණයක් දක්වා කියලා.

එතකොට ලෝකෙ රටවල් හුඟක් උදව් කරනවා. විශේෂයෙන්ම මේ රජය වෙනස් වෙනකල්, වෙනත් රජයක් එනකල් මේ රට ගොඩගන්න පුළුවන්කමක් නැහැ.

මේ රට ගොඩගන්න පුළුවන් එකම ක්‍රමය සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න, ඒ තුළ ලෝකයේ රටවල් උදව් කරයි”

මෛත්‍රීපාල සිරිසේන මේ බව පැවසුවේ ඊයේ (10) පොළොන්නරුවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *