මේ ආණ්ඩුවට වැඩ කරන්න දෙන්න ඕන… හොඳ නරක කියන්න මාසයක් මදියි…! – මහින්ද….

November 3, 2024 at 1:03 pm | by emanisa.lk

ලොව කොතැනක හෝ රාජපක්ෂලා සැඟවූ ධනයක් ඇත්නම් ඒවා නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුවට පූර්ණ සහයෝගය ලබා දෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

විපක්ෂයේ සිටිය දී සිදුකළ බොරු ප්‍රචාර නිසා ආණ්ඩුවට පරණ ෆයිල් අදිමින් කාලය කා දැමීමට සිදුව ඇති නමුත් ජනතා ගැටලු විසඳීමට ප්‍රමුඛතාව දිය යුතු බවයි, හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේ.

වර්තමාන ආණ්ඩුව සාර්ථක ද අසාර්ථක ද කීමට මාසයක කාලයක් ප්‍රමාණවත් නොමැති බවත් ඔවුන්ට සිය ප්‍රතිපත්ති අනුව රට පාලනය කිරීමට තව කාලය ලබා දිය යුතු බවත් මහින්ද රාජපක්ෂ පෙන්වා දෙයි.

තමන්ට සපයා ඇති ආරක්ෂකයන් හෝ වාහන හෝ පිළිබඳ තමන් සොයා නොබලන අතර ඒවා ලැබුණත් නොලැබුණත් ජනතාව විසින් තමන්ට ආරක්ෂාව සපයනු ඇති බවයි, හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

නෙත් FM සමග සාකච්ඡාවකට එකතු වෙමින් මහින්ද රාජපක්ෂ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *