මේ අමාරු වෙලාවේ ඡන්ද ඉල්ලන්නේ දේශද්‍රෝහීන්…! – වජිර…

December 24, 2022 at 2:00 pm | by emanisa.lk

මේ අවස්ථාවේ මැතිවරණයක් ඉල්ලන්නේ ජාත්‍යන්තර උවමනාවන් ඉටු කර ගැනීම සඳහා යැයි එජාප සභාපති වජිර අබේවර්ධන පවසයි.

ගෑස් ටික ඉන්ධන ටික පොහොර ටික ලැබුණ ද ජනතාව ඉල්ලා සිටින්නේ බඩු මිල පාලනය ආදී සහන මිස මැතිවරණ නොවන බවයි, ඔහු අවධාරණය කළේ.

ගුවනේ දී පුපුරා යන්නට තිබූ යානය තව දුරටත් ධාවනය කරවීමට ගුවන් නියමුවා මෙන් ම සහය ගුවන් නියමුවා ද ප්‍රතික්ෂේප කරද්දී එය භාර ගත්තේ රනිල් වික්‍රමසිංහ බව ද වජිර අබේවර්ධන සඳහන් කරයි.

මේ වන විට යානය කෙමෙන් ගොඩබාමින් ඇති බවත් මේ අවස්ථාවේ මැතිවරණ පවත්වා ගම බෙදා රට බෙදා නැවත කලබල ඇති නොකළ යුතු බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *