ඊයේ කොළඹ දියත් කළේ විරෝධතාවක පෙරහුරුවක් පමණක් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි.
විරෝධතාව විසිරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව හෙතෙම මේ බව අවධාරණය කළේය.
“අද දවසේ මේක පෙරහුරුවක් විතරයි. මේකේ දිගු සිනමා පටය ඉදිරියට එන්න නියමිතයි. ඉතාම වගකීමෙන් කියනවා..ආණ්ඩුවට.. ලෑස්තියි වෙලා ඉන්න. මර්දනය කොහොම ආවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය ජනතාව සමග ඉන්නවා.”