වර්තමාන ආණ්ඩුව පාතාලයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හෝ යටවන ආණ්ඩුවක් නොවන බව විපක්ෂය දැනගත යුතු යැයි නි. ඇමති මහින්ද ජයසිංහ පවසයි.
මේ වන විටත් රටේ මත්ද්‍රව්‍ය ජාවාරමට වැට බඳිමින් පාතාළ ක්‍රියාකාරකම් අවම කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයිද නි. ඇමතිවරයා ප්‍රකාශ කරයි.
තමන් බලවය පත්වූයේ කිසිවෙකුට බියෙන් තීන්දු තීරණ හකුළා ගැනීමට නොවන බවද ඒ පිළිබඳ කිසිවෙකු සැකසංකා තබාගත යුතු නැති බවද මහින්ද ජයසිංහ අවධාරණය කරයි.
අද (28) පැවති උත්සව අවස්ථාවකට පසු මාධ්‍ය නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් නි. ඇමති මහින්ද ජයසිංහ මේ බව කීය.