මෙවර විශාල පඩි වැඩි කිරීමක් කළ නිසා මාස හයෙන් හයට වැඩි කරන්න උවමනා නෑ…! – නි. ඇමති අනිල් ජයන්ත….

February 18, 2025 at 4:25 pm | by emanisa.lk

රජය විසින් ඉදිරිපත් කර තිබෙන නව වැටුප් සංශෝධන සමඟ මාස හයෙන් හයට වැටුප් වැඩි කිරීමේ අවශ්‍යතාවක් නැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත සඳහන් කරයි.

වසර තුනක් ඇතුළත රාජ්‍ය සේවයේ අවම මූලික වැටුප රුපියල් 40,000ක් දක්වා ඉහල දමන සැලැස්මක් රජය විසින් ඉදිරිපත් කර ඇති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

මෙවර වැටුප් සංශෝධනයේදී මෙතෙක් එල්ලා තිබුණු දීමනා රැසක් මූලික වැටුපට එක් කිරීම රාජ්‍ය සේවකයාට මහත් වාසියක් බවට හෙතෙම පෙන්වා දෙයි.

එමගින් රාජ්‍ය සේවකයන්ට රජය සම්බන්ධයෙන් රජයේ ඉදිරි ගමන සම්බන්ධ විශ්වාසයක් තබාගත හැකි බවද ඒ මහතා කියා සිටියේය.

දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *