පාර්ලිමේන්තුව තුළට කුමන හෝ ක්‍රමයකින් ඇතුළු වීමට රාජපක්ෂ කණ්ඩායම උත්සාහ දරන බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
මාධ්‍ය හමුවේදී ඔහු පවසා සිටියේ ඉදිරි මැතිවරණයෙන් රාජපක්ෂලාට පාර්ලිමේන්තුවට තේරී පත්වීමේ හැකියාවක් නොමැති බවත් එය වටහාගෙන බැසිල් රාජපක්ෂ විවිධ උපක්‍රම යොදමින් රාජපක්ෂලා දේශපාලනයේ පවත්වා ගැනීම සඳහා ක්‍රියා කරමින් සිටින බවයි.
1931න් පසු රාජපක්ෂලා නොමැති පාර්ලිමේන්තුවක් බිහි වීම වැළැක්වීම ඔවුන්ගේ අරමුණ වන බවත් මේ වන විට රාජපක්ෂ පස්දෙනා පාර්ලිමේන්තුවට තේරී පත්වන ආකාරය පිළිබඳව විවිධ සැලසුම් සකස් කරමින් සිටින බවයි පාඨලී චම්පික රණවක පවසා සිටියේ.
එවැනි තත්ත්වයකදී පාර්ලිමේන්තුවට රාජපක්ෂලා ඇතුළත්වීම සඳහා වූ මැතිවරණයක් වැදගත් දැයි ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන බව පාඨලී චම්පික රණවක මාධ්‍ය හමුව අමතමින් පැවසීය. ඒ නිසා රට අර්බුදයෙන් මුදා ගැනීම ද, රාජපක්ෂලා පාර්ලිමේන්තුවට තේරී පත්වීම ද වඩාත් සුදුසු යැයි ජනාධිපතිවරයාගෙන් ම විමසන බවත් ඔහු එහිදී පවසා සිටියේය.
ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බවත් ඒ සම්බන්ධ විවිධ අදහස් මතුවුවද සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 17 අතර කාලයේදී ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු බවයි ඔහු එහිදී සඳහන් කර සිටියේ.
එහිදී රාජපක්ෂ නොවන ඕනෑම පුද්ගලයකුට ඡන්දය ප්‍රකාශ කිරීමට රටේ ජනතාව සූදානමින් ඉන්නවා එවැනි තත්ත්වයකදී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රජාතන්ත්‍රවාදී වී, පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලා සිටින්නේ රාජපක්ෂලාගේ පැවැත්ම වෙනුවෙන් බවයි, පාඨලී චම්පික රණවක පවසන්නේ.