මෙවර ජනතාව සැමරුවේ ඉතිහාසයේ වාසනාවන්තම අලුත් අවුරුද්ද…! – නි. ඇමති රත්න ගමගේ…

April 15, 2026 at 12:11 pm | by emanisa.lk

සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීමට පෙර කිසිදු ආණ්ඩුවක් සිදුනොකළ ආකාරයේ පෙර සූදානමකින් වර්තමාන ආණ්ඩුව කටයුතු කළ බව ධීවර, ජලජ සහ සාගර සම්පත් රත්න ගමගේ පවසයි.

අවුරුදු උදාව නිමිත්තෙන් කොළඹ නගරයේ සිට ගම්බිම් බලා යන ජනතාවගේ සුභසාධනය සඳහා පවා කටයුතු කළ බව ඔහු පෙන්වා දෙයි.

ඉතිහාසයේ පෙර නුවූ විරු අතිවිශාල ජනතාවක් නගරවලට පැමිණි බවත් මෙය පෙර අවුරුදුවලට එහා ගිය වාසනාවන්ත අලුත් අවුරුද්දක් බවත් රත්න ගමගේ පෙන්වා දෙයි.

මාධ්‍ය හමුවක් අමතමින් නි. ඇමතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *