මෙරට රෝහල් පද්ධතියේ විශේෂඥ වෛද්‍යවරුන් 800ක හිඟයක්…!

November 14, 2024 at 10:32 am | by emanisa.lk

මෙරට රෝහල් සඳහා නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරු ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් අටසියයකගේ පමණ පුරප්පාඩු පවතින බව රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම තත්ත්වය මත ඉදිරියේදි රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදි ගැටලු රැසකට මුහුණු දීමට සිදුවන බව ද ඔවුහු පෙන්වා දුන්හ.

2025 වසර වන විට මෙරට රෝහල් සඳහා විශේෂඥ වෛද්‍යවරුන් තුන්දහස් පන්සියයකගේ පමණ අවශ්‍යතාවක් තිබුණද එම පුරප්පාඩු පිරවිමට විශේෂඥ වෛද්‍යවරු නොමැත.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න ප්‍රකාශ කළේ විශේෂඥ පුහුණුව සඳහා විදෙස් ගතවන වෛද්‍යවරුන් නැවත නොපැමිණීම විශේෂඥ වෛද්‍යවරුන් ලෙස පුහුණුවීම සඳහා වෛද්‍යවරුන්ගේ උනන්දුව අඩුවීම මෙම විශේෂඥ වෛද්‍යවරු හිඟයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *