ආණ්ඩුව මුස්ලිම් මරණ පරික්ෂක නම් අලුත් ධුරයක් ඇති කිරීම සඳහා කටයුතු කරමින් ඇතැයි ගෙන යන ප්‍රචාරය අසත්‍යයක් බව අධිකරණ අමාත්‍යංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍යංශය පෙන්වා දෙන්නේ මේ වන විට පුරප්පාඩු වී ඇති තනතුරු පිරවීම සඳහා පමණක් අයඳුම්පත් කැඳවා ඇති බවත් අලුත් තනතුරු ඇති කිරීමක් සඳහා කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවත් ය.
කෙසේ වුව ද පසුගිය ආණ්ඩුව යටතේ 2018 වසරේ බහු වාර්ගික කොට්ඨාශ සඳහා බහු වර්ග නියෝජනය වන පරිදි හදිසි මරණ පරික්ෂකවරු පත්කිරීම උචිත බව නිර්දේශ කර ඇතැයි ද එමගින් පෙන්වා දෙයි.
එහි දී මුස්ලිම් මරණ පැය 24ක් තුළ භූමදානය කිරීම සහ හදිසි මරණ පරික්ෂකවරුන් කාර්යාලීය වේලාවේ පමණක් රාජකාරී කිරීම නිසා මතුව ඇති ගැටලුව විසඳීම සඳහා බවත් එම නිවේදනයෙහි වැඩි දුරටත් දැක්වෙයි.