මුස්ලිම් ජනතාව සිංහල ජාතියෙන් සමාව ගනු…! – කොටුවේ පොඩි හාමුදුරුවෝ…

December 4, 2021 at 5:09 pm | by emanisa.lk

පාකිස්ථානයේ දී සිංහලයකු ම්ලේච්ඡ ලෙස පණ පිටින් ගිනි තබා ඝාතනය කිරීම පිළිබඳ මෙරට මුස්ලිම් ජනතාව සිංහල ජනතාවගෙන් සමාව ගත යුතු බව අත්තරගම ප්‍රඥාලංකාර හිමි හෙවත් කොටුවේ පොඩි හාමුදුරුවෝ පවසති.

රට පුරා සියලු මුස්ලිම් පල්ලිවල සුදු කොඩි ඔසවා ශෝකය ප්‍රකාශ කළ යුතු බව ද යාඥා කිරීමෙන් පසු පල්ලි අසල මෙම ඝාතනයට එරෙහිව විරෝධතා කරමින් ඊට විරෝධය ප්‍රකාශ කළ යුතු බව ද එහිමියෝ අවධාරණය කරති.

මෙම ම්ලෙච්ඡ ඝාතනය පිළිබඳ සිංහල ජනතාව බෙහෙවින් කනගාටුවට පත්ව ඇති හෙයින් ඔවුන් සමග සිය ශෝකය බෙදාහදා ගැනීමට සහෝදර ලාංකික මුස්ලිම් ප්‍රජාව එකතු විය යුතු බව තමා කරුණාවෙන් ඉල්ලා සිටින බව ද කොටුවේ හාමුදුරුවෝ කියති.

අපේ සිංහලයකු යට ඇඳුම පිටින් පාර දිගේ ඇද ගෙන ගොස් කුරිරු ලෙස ඝාතනය කර මරා දැමීම පිළිබඳ සිංහල ජනතාව බෙහෙවින් සංවේදීව කනගාටුවට පත්ව ඇතැයි පෙන්වා දෙන එහිමියෝ ඔහු මෙලෙස ඝාතනය කිරීමට හේතුව රටේ නීතියට ගරු කරමින් අන්තවාදයට එරෙහි වීම බව ද පෙන්වා දෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *