දේශපාලනඥයින් ඇතුළු පිරිස පිටරට සඟවා ඇති මුදල් මෙරටට ගෙන ඒමට කටයුතු කරන ලෙස විදේශ කටයුතු ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
“විදේශ කටයුතු අමාත්‍යාංශය නිදි වරාගෙන වැඩ කරනවා කියලා අපිට ආරංචියි. ඒ නිලධාරීන්ට අපි සුබ පතනවා. දේශපාලනඥයන් ඇතුළු පිරිස් පිටරට සඟවා ඇති අපේ සම්පත් සොයා ගැනීමට නිදිවරාගෙන වැඩ කිරීමත් නරක නැද්ද කියලා මම අහනවා.
මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කළ බැසිල් රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට නියෝගයක් දුන්නා. ඒ අහිමිවුණු දේපළ ලබා ගැනීමටත් ඔබගේ යාන්ත්‍රණය මෙහෙයවන්න.
නිදහස් වෙළඳ ගිවිසුම් වලට අපි ප්‍රවේශ වෙන්න ඕන. අවබෝධතා තුළින් රටට ප්‍රතිලාභ අත්වෙන්න ඕන. කොරෝනා සමයේදී මුස්ලිම් ජනතාවගේ අයිතිය නැතිවුණා. අපි ඉන්නේ ශ්‍රී ලාංකිකත්වය කියන ප්‍රතිපත්තිය තුළ. එදා රාජ්‍ය පාර්ශ්වයේ හිටපු මුස්ලිම් නායකයන් නිවැරදි තැන හිටගත්තේ නැහැ. අපි ඒ ක්‍රියාවලියට එරෙහිව මහ පාරට බැස්සා. අපි විතරයි මහ පාරට බැස්සේ.
ප්‍රති-ත්‍රස්ත පනත පීඩාකාරී එකක්. ත්‍රස්තවාදය තුරන් කරන්නට අණ පනත් තියෙන්න ඕන. රටට ජාතික ආරක්ෂාව අවශ්‍යයි. ත්‍රස්තවාදයට ඉඩ නොතබන මානව අයිතිවාසිකම් සුරක්ෂිත කරන නීති පද්ධතියකට අපි එකඟයි.”
අද (07) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.