ආණ්ඩුවට සම්බන්ධ වෙතැයි පසුගිය කාලයේ දී ලොකු කතා බහකට ලක්වූ සමගි ජන බලවේගයේ නම ගිය පුද්ගලයකු එලෙස සම්බන්ධ වීමට මේ වන විට අදිමදි කරමින් ඇතැයි වාර්තා වේ.
ඔහු මුදල් අමාත්‍ය ධූරය ඉල්ලා සිටිය ද ආණ්ඩුව ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍ය ධූරය ලබා දීමට සූදානම් වීම ඊට හේතුවයි.
අමාත්‍ය මණ්ඩලයේ සෙසු අමාත්‍යවරුන් ලබන සතියේ අතුරු අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.