මුට්ටි දාලා බලන පහත් දේශපාලනේ මං ළඟ නෑ..! ධනුෂ්ක ආණ්ඩුවට ගියේ පෞද්ගලික තීන්දුවක් අරන්..! – පාඨලී…

September 6, 2022 at 11:51 am | by emanisa.lk

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක 2010 සිට වසර 09ක් තමන්ගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

හිටපු ඇමැතතිවරයා පවසන්නේ පසුගිය අරගල කාලය තුළ තම දේශපාලනය පිළිබඳ යම් යම් ප්‍රශ්න ඔහුට ඇති වූ බවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස ධනුෂ්ක රාමනායක පසුගිය ජුනි මස හෙළ උරුම දේශපාලන කටයුතුවලින් ඉවත් බව ද ඔහු ප්‍රකාශ කරයි.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ තනතුරු ලබා ගැනීම ඔහුගේ පෞද්ගලික තීන්දුවක් බවත් එය තමා ආණ්ඩුවේ ඇමැතිකමක් ගැනීමට මුට්ටිය දමා බැලීමක් ලෙස සිදුකරන ප්‍රචාර ප්‍රතික්ෂේප කරන බවත් පාඨලී චම්පික අවධාරණය කරයි.

තමා පහත් දේශපාලනයක් නොකරන බවත් ආණ්ඩුවට ඇතුළු වන්නට උවමනා නම් දොර යතුරෙන් ඇරගෙන හෝ දොරට පයින් ගසා හෝ ඇතුළු වන බවයි, ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *