හමුදා සෙබළෙකුට සිවිල් ඇඳුමින් මිහින්තලා පුදබිමට යාමට නොහැකි බව තමන් දැනගත්තේ පෙරේදා බව ආරක්ෂ රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.
මේ වන විට එම පුදබිමෙහි සංවර්ධන සහ නඩත්තු කටයුතු සඳහා නාවික හමුදා, යුද හමුදා සහ සිවිල් ආරක්ෂක බලකායේ 252ක් යොදවා ඇතැයි ද හෙතෙම අනාවරණය කළේය.
පසුගියදා ආරක්ෂක හමුදා නිලධාරීන් දෙදෙනෙකු පුදබිමෙහි ආවේක්ෂණ රාජකාරියෙහි යෙදුණේ සංචාරකයින්ගේ සහ පුදබිමෙහි ආරක්ෂාව සඳහා බවත් එම ආරක්ෂක අංශ සිය ජීවිතයට තර්ජනයක් යැයි විහාරාධිපති වලවහැංගුණුවැවේ ධම්මරතන හිමි පවසන නිසා දැනට එම විහාරයට අනුයුක්ත කර ඇති සියලු හමුදා භට පිරිස් වහාම නැවත කැඳවන බවත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කරයි.
ඊයේ (09) විපක්ෂ නායකවරයා මතු කළ කරුණක් පිළිබඳ අද (10) පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.