මිල්කෝ සමාගමේ කර්මාන්තශාලා තුළ සොරකම් සිදුවන්නේ දැයි වහාම සොයා බැලීමට කණ්ඩායමක් පත්කරන ලෙසත්, එම වාර්තාව කඩිනමින් තමාට ලබාදෙන ලෙසත් සමාගමේ සාමාන්‍යාධිකාරිවරයාට දැනුම්දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පවසයි.
ඇමැති මහින්ද අමරවීර හා පශු සම්පත් රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත්ගේ ප්‍රධානත්වයෙන් මිල්කෝ සමාගම් පරිශ්‍රයේ පසුගියදා පැවැති සාකච්ඡාවකදී අනාවරණය වූයේ සමාගමේ දෛනිකව කිරි ලීටර් 165,000 කින් කරන ලද නිෂ්පාදනය මේ වන විට ලීටර් 55,000 ක් දක්වා අඩුවී තිබෙන බවය.
මිල්කෝ සමාගමේ පසුගිය කාලය තුළ සිදු වූ දූෂණය හා නාස්තිය සම්බන්ධව විමර්ශනයක් සිදු කරන ලෙස එම සාකච්ඡාවේදීද ඇමැති මහින්ද අමරවීර අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්තිට උපදෙස් දුන්නේය.
මිල්කෝ සමාගමේ වෘත්තීය සමිති දිගින් දිගටම කරන ලද විරෝධතාවලින් පසුව එහි සභාපති ලෙස කටයුතු කල රේණුක පෙරේරා ඉවත් කෙරුණු අතර, වැඩ බලන සභාපතිවරයා ලෙස අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති පත් කෙරිණි.