මහා භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන මත යැපෙන පළාත් සභා අරපිරිමැස්මකින් තොරව වියදම් සිදුකර ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
චක්‍රලේඛවලට පටහැනිව ආණ්ඩුකාරවරුන්ගේ අනුමැතිය මත නිලධාරීන්ගේ ඉන්ධන දීමනා වැඩිකර ගැනීම, අනෙකුත් ආකාරයේ සාධාරණ නොවන දීමනා ලබා ගැනීම් සහ නිවාස කුලී දීමනා ලබා ගැනීම ආදිය සිදුකර ඇති බව ද 2024 වර්ෂයට අදාළ වාර්තාවක් නිකුත් කරමින් විගණන කාර්යාලය සඳහන් වෙයි.
2024 වර්ෂය සඳහා භාණ්ඩාගාරය විසින් පළාත් සභා 09ට ලබා දී ඇති මුදල රුපියල් මිලියන හාරලක්ෂ තිස්හත්දහස් තුන්සිය හැටපහකි. ඒ අනුව පළාත් සභා 09යේ මුළු ආදායමින් සියයට අසූතුනක් රජය මගින් ලබා දී ඇත.
දිවයින