මැනිං වෙළඳ සංගමේ සභාපති ඇතුළු 12ක් අත්අඩංගුවට…!

July 26, 2023 at 4:52 pm | by emanisa.lk

අධිකරණ නියෝග කඩ කරමින් විරෝධතාවක නිරත වූ මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (26) පෙරවරුවේ මෙම පිරිස පෑලියගොඩ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළේ කඩ කාමර ලබා දීමේදී ඇතිවූ ගැටලුවක් මුල් කර ගනිමින් එහි වෙළෙඳ සංගමය විරෝධතාවක් ප්‍රකාශයට පත් කර තිබූ අතර ඊට අධිකරණය ඊයේ (25) වාරණ නියෝගයක් ද නිකුත් කර තිබිණි.

කෙසේ වෙතත්, අද දිනයේ පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ සියලු වෙළෙඳසල් වසා දමමින් වෙළෙඳුන් සිය වෙළෙඳාම් කටයුතුවලින් වැළකී සිට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *