පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් ඇතුළු ඉහළ දේශපාලනඥයින් හතළිස්දෙනකු රුපියල් කෝටියකට ආසන්න ජල බිල්පත් ගෙවීම දිගින් දිගට ම පැහැර හැර ඇති බව වාර්තා වේ.
එම පිරිසෙන් එක් දේශපාලකයකු ලක්ෂ 18ක තරම් හිඟ බිල්පත් ගෙවීමට ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
සිය දේශපාලන බලය භාවිත කර ගනිමින් ඔවුන් ජල බිල්පත් ගෙවීම් පැහැර හැර ඇති බවත් ඔවුන්ගෙන් බිල්පත් අය කර නොගත්තේ මන්දැයි යන්න ගැන අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කෙරෙමින් ඇති බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කරයි.
මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් විසිදෙනකු පමණ ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස සිටි විශ්‍රාම වැටුප් ලබන මන්ත්‍රීවරු දහදෙනකු ද මියගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහදෙනකුගේ නිල නිවාස ද මෙසේ බිල් ගෙවීම් පැහැර හැර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් හෙළි කළේය.