මැතිවරණ නොනගතේ සමාජමාධ්‍ය සෙල්ලම් දැම්මොත් වැඩ වරදී…!

September 19, 2024 at 9:46 am | by emanisa.lk

මැතිවරණ දින සහ මැතිවරණයෙන් පසු ප්‍රචාර කටයුතු අවසන් වුවත්, සමාජ මාධ්‍ය හරහා සිදු කරනා ප්‍රචාරණයන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

සමාජ මාධ්‍ය හරහා මැතිවරණය පදනම් කරගෙන රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කටයුතු කළහොත් ඊට විරුද්ධන අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

ඒ් සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශේෂයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය ඒ සඳහා වෙනම සේවයක් රඳවා තිබේ. මැතිවරණ කාලසීමාවේත් ඉන් පසුවත් බුද්ධි අංශ මගින් අවශ්‍ය සම්පූර්ණ පරීක්ෂා කිරීම් සිදු කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් සමාජජාලා හරහා යොමු කළහොත් ඒ් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

රටේ සාමයට බාධාවන ආකාරයේ ක්‍රියා සම්බන්ධයෙන් බුද්ධි අංශ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව කටයුතු කරන බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *