මැතිවරණයක් වෙනුවෙන් ජනතාව එක්ක පාරට බහිනවා…!

October 10, 2022 at 6:24 pm | by emanisa.lk

සැබෑ ජනමතය පාර්ලිමේන්තුව තුළින් පිළිබිඹු නොවන බැවින් හැකි ඉක්මනින් මැතිවරණයක් පැවැත්විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි.

ජනතාවට අවශ්‍ය රටේ අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීම බවත් ඒ සඳහා මැතිවරණයක් ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය ඕනෑම ක්‍රියා මාර්ගයක් ගන්නට විපක්ෂය කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දී අද (10) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

“අද මේ පාර්ලිමේන්තුව විකෘතියක් ඇති වෙනවා ඒ විතරක් නෙමෙයි සැබෑ ජනමතය පාර්ලිමේන්තුවේ පිළිබිඹු වෙන්නෙත් නැහැ එදා 2019,2020 මානසිකත්වය ඡන්දය ලබාදුන්න නියෝජනය ම තමයි පාර්ලිමේන්තුව ඇතුලේ තියෙන්නේ. නමුත් පාර්ලිමේන්තුවේ පිට සම්පූර්ණයෙන්ම ඒ ජනමතය වෙනස් වෙලා. ඒක නිසා අපි විශ්වාස කරනවා හැකි ඉක්මනට මැතිවරණයක් අවශයි කියලා.

පාර්ලිමේන්තුව තුළ ජනාධිපති වෙන්න ඡන්දෙ දුන්න ඒ උදව් කරපු 134දෙනාගේ ප්‍රධාන කොන්දේසියක් තමයි මැතිවරණයක් නොතිබිය යුතුයි කියන එක. ඒක නිසා අපි බලාගෙන ඉන්නවා ජනතාවත් එක්ක එළියට බහින්න.

ජනතාවට අවශ්‍ය රටට අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය ලබා ගැනීම සඳහා මැතිවරණයක් වෙනුවෙන් අපි ඒ කළ යුතු හැම ක්‍රියාමාර්ගයක්ම කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *