මැච් බලන්න ගියේ මගේ සල්ලිවලින්…! ෂුගර් බේබි වුණේ නෑ…! – ශලනි තාරකා…

July 30, 2023 at 4:47 pm | by emanisa.lk

පසුගිය වසරේ දී ඕස්ට්‍රේලියාවේ පැවති 20-20 ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා තමන් ගියේ තම පෞද්ගලික මුදලින් බව රංගන ශිල්පිනී ශලනි තාරකා සඳහන් කරයි.

එසේ නැතිව ක්‍රිකට් ආයතනය මුදලින් හෝ කිසිවකුගේ ෂුගර් බේබි ලෙස නොවන බවත් ඇය කියා සිටියි.

සති අන්ත පුවත්පතක පළ කර ඇත්තේ මෙවන් අදහසකි.

“ක්‍රිකට් මැච් එකක් බලන්න ගියා කියලා තමයි මේ දවස්වල මට හැදිලා තියන ලොකුම කතාව. නළු නිළියන්ට ක්‍රිකට් මැච් බලන්න තහනම්ද කියලයි ඒ විදිහෙ කතා හදන අයගෙන් මට අහන්න තියෙන්නෙ. ඇත්තටම ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බලන්න මම ගියා.

හැබැයි ඒ මගේ පෞද්ගලික මුදලින් ටිකට් අරගෙන මිසක ක්‍රිකට් ආයතනයේ මුදල්වලින්වත් කාගෙවත් ෂුගර් බේබි විදිහටවත් නෙමෙයි. මම වගේම විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බලන්න තවත් නළු නිළියො කීපදෙනෙක් ඇවිත් හිටියා.

ඒ අවස්ථාවේදි ගත්ත ඡායාරූපයක් තමයි මේ බොරු ප්‍රවෘත්තිය නිර්මාණය කරන්න යොදාගෙන තිබුණෙ. ඒ ඡායාරූපයෙ මාත් එක්ක තවත් නළු නිළියො හිටියට සමාජ මාධ්‍යවල වගේම ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලදි මගේ නම විතරයි මේ සිද්ධියට ඈඳලා ප්‍රකාශ කරන්නෙ. ඒ නිසා හොඳටම පැහැදිලියි මේක මට විරුද්ධව එල්ල කරන මඩ ප්‍රහාරයක් කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *