මැච් පරදින්නේ ආණ්ඩුව නිසා නෙමෙයි, ක්‍රීඩකයෝ නැති නිසයි.. කලින් ආණ්ඩු ක්‍රීඩකයෝ හදලා තියලා ගිහින් නෑ…! – ක්‍රීඩා ඇමති…

October 12, 2026 at 5:22 pm | by emanisa.lk

ක්‍රිකට් තරග පරාජය වීම වළක්වා ජයග්‍රාහී කණ්ඩායමක් ගොඩනැගීමට නම් ක්‍රීඩකයන් බිම් මට්ටමේ සිට සංවර්ධනය කළ යුතු බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර පවසයි.

ක්‍රිකට් තරග පරාජය වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ක්‍රීඩකයන් බිහි කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර ඇති බැවින් ඒ සඳහා යම් කාලයක් ලබාදිය යුතු බවයි.

”ක්‍රීඩකයෝ නැති වුණාම මැච් පරදිනවා. දැන් අපි ඒ ක්‍රීඩකයෝ හදන වැඩේ බිම ඉඳලා යට ඉඳලා පටන් අරගෙන තියෙන්නේ. පොඩි කාලයක් මේ ඉවසගෙන ඉන්න වෙනවා නේ.

ක්‍රීඩකයෝ නිර්මාණය වෙලා නැහැ දශකයක විතර කාලය තුළ. ක්‍රීඩකයෙක් කියන එක මේ ආණ්ඩුවක් ගත්ත ගමන් මාසෙන් දෙකෙන් හදන්න පුළුවන් වැඩක් නෙමෙයි. ක්‍රීඩකයෝ හැදෙන්න ඕනේ, සංවර්ධනය වෙන්න ඕනේ, නිර්මාණය කරන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි ඒ වැඩ පිළිවෙළ යනවා.”

ආසියානු ක්‍රීඩා උළෙලේදී පහළ ස්ථානවල සිටින ක්‍රීඩකයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙරට ක්‍රීඩාව නඟාසිටුවීමට කටයුතු කරන බවද ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස