හිටපු හමුදා නිලධාරියෙකු මෙන්ම ගවේෂණශීලි මාධ්‍යවේදියෙකු වන කීර්ති රත්නායකගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණි.
අස්මාන් ශෙරිෆ්ඩීන් බන්ධනාගාරයේ සිටියදී කිහිප වරක් මා සමග කතා කළේය. ගනේමුල්ල සංජීව සහ ගම්පහ ඔස්මන් සම්බන්ධයෙන් මා කළ හෙළිදරව්වල පදනම වූයේ ඔහු හෙළිකළ කරුණුය.
අද අස්මාන් ශෙරිෆඩීන් සමග බන්ධනාගාරයේ එක සෙල් එකේ හිටි අයෙක් චමුදිත සමග ආන්දෝලනාත්මක සාක්ෂියක් දී ඇත. හදිසියේ බන්ධනාගාරය වෙත ආ පිරිසක් අස්මාන් ෂෙරිෆ්ඩීන් ඝාතනය කළ බව ඔහු ප්‍රකාශ කරයි.
තවද ජාතික රාජ්‍ය සහ එහි අධිකරණය විත්ති කූඩුවට නංවමින් තමා එම ඝාතනයේ ඇසින් දුටු සාක්ෂිකරුවකු බව ඔහු ප්‍රකාශ කරයි. සංජීව ඝාතනයේ මහ මොලකරු ගම්පහ ඔස්මාන් බව සහ එම ඝාතනය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා ගත්තේය.
(ඒ පිළිබඳ පසුගිය 08 වෙනිදා කීර්ති රත්නායක පළකළ ලිපිය පහත දැක්වෙයි.)
ගම්පහ ඔස්මන් මෙරට දේශපාලඥයන් සියල්ලන් සමග සමග දිවට දිව ගාගෙන අපරාධ කළ අයෙකි.
කලකට ඉහතදී ඔහු බැසිල්ගේ අතිජාත මිත්රයෙකි. ජවිපෙ ජනප්‍රිය වන විට ඔහු එම පක්ෂය සමග එක්විය. ඔස්මන්ට ටිල්වින් සිල්වා සමඟ පෞද්ගලික හිතවත්කමක් විය.
මාලිමාව බලයට පත් වූ විට ඔස්මන්ගේ ණය බේරනු වස්, පාදඩ ඔස්මන් වීරයෙකු කරමින් “ෆාදර්” චිත්‍රපටය ජනගත කළේය. ගනේමුල්ලේ සංජීව සහ ඔස්මන් දෙදෙනාම කළේ එකම බිස්නස් එකය. එනම් මත්ද්‍රව්‍ය සහ පාතාලයයි.
ගනේමුල්ලේ සංජීව එළිපිට ජාවාරම කරන විට ඔස්මන් යටින් කළේය. “කෙහෙල්බද්දර පද්මෙ” ලෙසින් ඔපරේට් වූයේ ඔස්මන්ගේ පාතාලයයි. පද්මේගේ පියා (කෙහෙල්බද්දර නෙවිල්) ඔස්මන්ගේ පාතාලයට වැඩ කළ අයෙකි.
ඔස්මන් මැතිවරණවලදී දේශපාලන පක්ෂවලට බෙදුවේ ජාවාරම්වලින් ඉපයූ කළු මුදල්ය.
වෙළඳපොළ පංගුව වෙනුවෙන් සංජීව සහ ඔස්මන් අතර ගැටුම් විය. සංජීව අවස්ථා කිහිපයේදී ඔස්මන් ඝාතනය කිරීමට උත්සාහ කළේය.
2024දී ආණ්ඩු බලය මාලිමාවට හිමි විය. ඔස්මන් එහි කෙරුමෙකු විය. ඔස්මන් එකල්හි ජාවාරම්වලට අමතරව තම කණ්ඩායම හිට් ස්කෝඩ් එකක් ලෙසද ඔපරේට් කළේය.
සංජීව, කජ්ජා, වැලිගම සභාපති වැනි ඝාතනවල සහ “මනම්පේරි අයිස්” වැනි නාඩගම්වල කර්තෘ එම හිට් ස්කොඩ් එකය. ඔස්මන් STF එකේ සහාය ගෙන ගනේමුල්ලෙ සංජීව ඝාතනය කළේය.
අධිකරණයක් ඇතුළත සිදුවූ සංජීවගේ ඝාතනය හොලිවුඩ් චිත්‍රපටයකට නොදෙවෙනි විය. සංජීවට වෙඩ් තැබීම සඳහා එකම ජාතියේ අවි රැගත් දෙදෙනෙකු අධිකරණ භූමියට ඇතුල් විය. ඔවුන් නම්,
1. මොහොමඩ් අස්මාන් ෂෙරීෆ්ඩීන්
2. කමාන්ඩෝ සමිඳු නොහොත් සමීර දිල්ශාන් පියුමංග කඳනාරච්චි
සංජීවට වෙඩි තබන්නේ මොහොමඩ් අස්මාන් ය. මොහු අත්අඩංගුවට පත් වූයේ නැත.අත්අඩංගුවට පත් වූයේ සමිදුය. ඔහු කළේ වෙඩි තැබූ අවියට සමාන අවියක් අධිකරණ භූමියේ දමා පලා යාමය.
සමිඳු හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී හඳුනාගත්තේ නැත. අධිකරණයේ දමා ගිය පිස්තෝලය රස පරීක්ෂක වාර්තාව හා සැසඳුනේ නැත.
අස්මාන් ෂෙරීෆ්ඩීන් අත්අඩංගුවට පත් වූයේ සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් නොව වෙනත් අපරාධ වැලකටය. පසුගියදා මැගසින් බන්ධනාගාරයේ ගැටුමෙන් අභිරහස් ලෙස ඔහු මිය ගියේය. තවත් වැදගත් කාරණයක් ඇත.
එනම් ඔස්මන් මෙම ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගත්තා නොව එය නොකර බැරි විය. ප්‍රබල පාතාල නායකයකු සාක්ෂි සහිතව ඔස්මන්ගෙ අපරාධ සැරිය හෙළි කිරීම ඊට හේතු විය. අසයිබයිජානයේ සිට බටුවත්තේ චාමර ලංකාවට රැගෙන ඒමත් සමගම ඔහු ඔස්මන්ගේ වෙස් මුහුණ ගැලෙව්වේය.
එවිට ඔස්මන් අත්අඩංගුවට ගැනීම කිසිවෙකුට වැළැක්විය නොහැකි විය. දැන් පද්මෙ, ඔස්මන් සහ STF නොහොත් පැළවත්තේ හිට් ස්කොඩ් එක කළ ඝාතනවල සාක්ෂි නිහඬ කරමින් පවතියි.
Keerthi Ratnayake