මා අමතක කළත් රණවිරුවන් අමතක කරන්න එපා…! – හිටපු ජනපති මහින්ද ජාතියෙන් ඉල්ලයි…

May 19, 2026 at 10:43 am | by emanisa.lk

දේශපාලන වාසි ලබා ගැනීම උදෙසා තමන් ජාතිවාදියෙකු ලෙස හංවඩු ගැසීමට පිරිසක් උත්සාහ කළද තමන් ජාතිවාදියෙකු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

තව කොපමණ කාලයක් ගත වුවද ත්‍රස්තවාදයට සහයොගය දැක්වූ කණ්ඩායම් විවිධ ස්වරූපයෙන් මව්බිමේ ඒකීයභාවයට බලපෑම් කිරීමට උත්සාහ කරන බව තමන් හොඳින් දන්නා බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

තව කොපමණ කාලයක් මව්බිමේ ඒකීයභාවය සහ දයාබර රණවිරු දරුවන් වෙනුවෙන් පෙනී සිටිමේ හැකියාව තමන්ට ලැබෙනු ඇත්දැයි නොදන්නා බවද හෙතෙම සඳහන් කරයි.

අනාගතයේ දවසක ඔබට මා අමතක යනු ඇති වුවද විරෝදාර රණවිරු දරුවන් හැමදාම මතකයේ රඳවාගෙන ඔවුන්ගේ ගෞරවය රැකගැනීමට කටයුතු කළ යුතු බවද හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *